නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453කට නඩු

bread-22[1]

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා තිබූ බර අනුව බේකරි සහ අලෙවිසැල් බොහොමයක නියමිත බර ප්‍රමාණය අනුව පාන් අලෙවි නොවන බවයි වාර්තා වෙන්නේ.

එම බේකරි සහ වෙළදසැල්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 අංකයට අමතා දැනුම් දිය හැකි බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.