ව්‍යවසායකත්ව අදහස් අගයන Mora Ventures 6 වන අදියර සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ

mora-ventures-39834

මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන Mora Ventures නව්‍ය ව්‍යාපාරික අදහස් ඇගයීමට ලක් කිරීමේ තරඟාවලියෙහි 6 වන අදියර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙරට නව ව්‍යවසායකයින් සහ නවෝත්පාදකයින් උදෙසා වේදිකාවක් තනා දෙන මෙම තරඟාවලිය සඳහා වයස් සීමාවකින් තොරව ඕනෑම ක්ෂේත්‍රයක අයෙකුට හෝ කණ්ඩායමකට අයදුම් කළ හැකි බවයි එම තරඟාවලිය සංවිධානය කරන මොරටුව විශ්විද්‍යාලයේ ව්‍යවසායකයින්ගේ සංගමය පවසන්නේ.

අයදුම්පත් භාරගැනීම පෙබරවාරි 25 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර වැඩි විස්තර entrepreneurship.uom@gmail.com යන ඊමේල් ලිපිනයෙන් ලබාගත හැකි බව ඔවුන් දැනුම් දෙනවා.

අයඳුම්පත් මෙතැනින් යොමු කළ හැකියි.