සිම්බාබ්වේ තරගාවලිය සඳහා 20-20 සංචිතය නම් කෙරේ

srilanka-cricket

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන  20-20 තරගාවලිය සඳහා විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිවී ඇති බව වාර්තා වනවා.

එම 20-20 සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උප නායකයා ලෙස චරිත් අසංලක නම් කර තිබෙනවා.

2021 වසරෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් යළිත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇති අතර, භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද 20-20 සංචිතයට නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී එක්දින සහ 20-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

* වනිඳු හසරංග* චරිත් අසලංක* පැතුම් නිස්සංක* කුසල් මෙන්ඩිස්* සධීර සමරවික්‍රම* දසුන් ශානක* ඇන්ජලෝ මැතිව්ස්* ධනංජය ද සිල්වා* මහීෂ් තීක්ෂණ* නුවන් තුෂාර* කුසල් ජනිත්* භානුක රාජපක්ෂ* කමිඳු මෙන්ඩිස්* මතීෂ පතිරණ* දුනිත් වෙල්ලාලගේ* අකිල ධනංජය* ජෙෆ්රි වැන්ඩර්සේ* චාමික කරුණාරත්න* බිනුර ප්‍රනාන්දු* ප්‍රමෝද් මධුෂාන්* ඩිල්ශාන් මධුසංඛ* දුෂ්මන්ත චමීර