වසර 3ක් ඇතුළත අස්වැසුම නතර කරනවා – අනුප පැස්කුවෙල්

aswesuma-aswasuma-welfare

වසර 3 ක් තුළ අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසනවා.

ඒ අනුව එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවත් ඔවුන් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට කටයුතු කරන බවයි වැඩබලන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘද්ධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.