රිය අනතුරක් සම්බන්ධ සිද්ධියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුදාහැර තිබෙනවා.
කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට ලක්කර, ඉන් අනතුරුව අනතුරට ලක්වූ පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ සිදුකර, ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.