එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ – මහින්ද කහඳගම

mahinda-kahandagama-2

2022 වර්ෂයේ මැයි 09 වනදා “ගෝඨාගෝගම” අරගල භූමියට පහර දුන්නේ තම කණ්ඩායම නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම පවසනවා.

පහර දීම ඇරඹූයේ වෙනත් කණ්ඩායමක් බවත්, එම කණ්ඩායමට තම කණ්ඩායමද වැටුනු බව තමන් පිළිගන්නා බවයි අද බේරේ වැව ආසන්නයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තම කණ්ඩායම නොදැනුවත්ව එසේ කළ බවද, එදින අරලියගහ මන්දිරයට පැමිණි කිසිවෙකුගේ අතේ ආයුධයක් නොතිබූ බවද, එදින ගමේ ජනතාව පැමිණ සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අගමැති ධුරයෙන් ඉවත් නොකර තබන්න යන ඉල්ලීම කිරීමට පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.