WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

මේ දිනවල WhatsApp Group යොදාගනිමින් සිදුකරනා මුදල් වංචා වලින් ප්‍රවේශම් වන ලෙස FINCSIRT සහ LankaPay ආයතන මහජනතාව දැනුවත් කරනවා.

මෙවැනි වංචාවලදී ඔබව නොදන්නා අංකයකින් ව්‍යාජ නම්වලින් ඇති WhatsApp Group වලට එක්කර, සම්පූර්ණ කිරීම සඳහා යම් යම් කාර්යයන් ලබා දෙන බවද, එම කාර්යයන් සම්පූර්ණ කළ පසු ඒ සඳහා සුළු ගෙවීමක්ද ලබා දෙන අතර, එලෙස ඔබේ විශ්වාසය දිනාගත් පසු ඔබව Telegram වෙත යොමුකර නොයෙකුත් කූඨ උපක්‍රම හරහා ඔවුන්ගේ ගිණුමකට විශාල මුදලක් තැම්පත් කිරීම සඳහා ඔබව රවටා පොළඹවාගන්නා බවයි ඔවුන් දැනුවත් කරන්නේ.

WhatsApp යෙදුමෙහි Settings > Privacy > Groups වෙත ගොස් My Contacts තේරීමෙන්, නොදන්නා අයට ඔබව WhatsApp Group වලට එක් කිරීමට නොහැකි වන පරිදි සකසා ගැනීමෙන් මෙවැනි වංචාවලින් වැළකී සිටිය හැකි බවද ඔවුන් දැනුවත් කරනවා.