සාකච්ඡා මඟින් ස්ථිර විසඳුමක් නොලැබුණොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා – විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය

black-protest

අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් ගැටළු සඳහා ස්ථිර විසඳුමක් නොලැබුණහොත්, දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධීකාරී සම්පත් උදයංග සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයට සමගාමීව අද දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.