Asia Cup 2023 : ඉන්දු – පාකිස්තාන තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍ර අවසන් වෙයි

india-pakisthan-asia-cup

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ප්‍රවේශ පත්‍ර ඊයේ (17) නිකුක් කර තිබුණා.

පළමු අදියරේ වැඩිම අවධානයක් දිනාගන්නා තරගය වන ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම අලෙවිය අවසන්වී තිබෙනවා.

ඒ අනුව ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරගයේ මේ වන විට එළිමහනෙහි (Grass Embankment) සුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ කාණ්ඩ 4 ක ප්‍රවේශ පත්‍රද සම්පූර්ණයෙන්ම අලෙවිය අවසන්වී ඇති අතර එළිමහනෙහි (Grass Embankment) සුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව තිබෙනවා.

මෙම තරඟ දෙකම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.