ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කෙරේ

aus-team

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු මූලික සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වයට Pat Cummins පත්කර තිබෙනවා.

මෙම සංචිතයෙන් මැද පෙල පිතිකරුවෙකු වන Marnus Labuschagne ඉවත්කර ඇති අතර මෙතෙක් එක්දින වරම් දිනා නොමැති පාදඟ පන්දු යවන ක්‍රීඩක Tanveer Sangha හා තුන් ඉරියව් ක්‍රීඩක Aaron Hardie මෙන්ම Nathan Ellis ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

මෙම සංචිතයේ ක්‍රීඩකයින් පළමුව දකුණු අප්‍රිකාවේ දී තරග 5 කින් යුත් එක්දින තරගාවලියක් ද, අනතුරුව ඉන්දියාවේ දී තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්,

64d08f80a49c8