ආසියානු කුසලානය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ සූදානමක්

india-pakisthan-asia-cup

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ දෙමුහුන් යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

තරගාවලියට අයත් තරග 13 න් තරග 4 ක් හෝ 5 ක් පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජනා කර ඇති අතර ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර මෙම සති අන්තයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද espncricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සැප්තැම්බර් 1-17 දක්වා ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.