ඖෂධ හිඟයට අදාළ පෙත්සම විමර්ශනය කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කරයි

humanright

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම නිසා ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට මානව හිමිකම් කොමිසමේ ගොනුකළ පෙත්සම විමර්ශනය කිරීමට එම කොමිසම තීරණය කර ඇති බව වාර්තා වනවා.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කොට ඇති අතර ඊට අදාළව නොතීසි නිකුත් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.