මධ්‍යම අධිවේගී මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්

m-highway

ඉදිවෙමින් පවතින කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිවන මාර්ගයේ ආධාරක කොටසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල කඳඔළුවාව ප්‍රදේශයේ කණු මතින් ඉදිවන කොටසේ මාර්ගයේ විශාල කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය දා කඩා වැටී තිබුණා.

අදාළ කොටසේ ඉදිකිරිම් කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.