සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

exam-new-1

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබී ඇති බව වාර්තා වෙනවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටළුව මතුවී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ.

මේ වන විට එම ගැටළුව නිරාකරණය කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බවත්, විභාගයෙන් පසුව එම අදාල නොවන විෂයය සඳහා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටි බවට කිසිවිටෙකත් සලකුණු නොවන බවත් ඔහු සඳහන් කරනවා.

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.