සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

WhatsApp Image 2024-05-05 at 14.37.25

සහන හාල් නොදුන්නැයි උරණවූ කතක පහරදී ග්‍රානි රෝහලේ

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කල පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.

පහරදීම සිදුකළ කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.

පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇත්තේ
පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම භාර නිලධාරීනිය බවද සඳහන්වේ.

මේ දිනවල රජය මගින් ලබාදෙන සහල් සැකකාරියට ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර කතාබහක් සිදුව ඉන් අනතුරුව පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ ග්‍රාම නිළධාරී වරිය පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වස්කඩුව පනාපිටිය ප්‍රදේශයේ පදිංචි
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර උතුර ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ඡායාරූප ඇත

WhatsApp Image 2024-05-05 at 14.37.25