අද ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණය ඉහළට

hot-weather-road

අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.