ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු අවසන් අදියෙර්

bia_airport

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ගුවන්තොටුපළ ප්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ ගුවන් පථයේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවි කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බවය.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන මස පස් වැනිදා වන විට ගුවන් තොටුපලේ සම්පූර්ණ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත අතර අප්‍රේල් මස 6 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ සිට එහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ සඳහා රුපියල් කෝටි 720ක් වැය කර තිබේ.

චීන සමාගම් දෙකක් විසින් එහි සංවර්ධන කටයුතු සිදුකෙරුණි.