විමල් වීරවංශ සන්ධානයෙන් ඉවත් වන බවට තමාට යොමු කර ඇති ලිපිය?

wimal-weera

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යම් පුද්ගලයෙක් හෝ පක්ෂයක් ඉල්ලා අස්වීමට අපේක්ෂා කරන්නේ නම් සන්ධානයේ මහලේකම්වරයා වන තමාට එය ලිඛිතව දන්වා සිටිය යුතු යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගියදා(මාර් 2) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

එසේම විමල් වීරවංශ මහතා සන්ධානයෙන් ඉවත් වන බවට තමාට යොමු කර ඇති ලිපිය පිළිගත හැකි මට්ටමින් ඉදිරිපත් කර නැතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පක්ෂ පහක් එක්වූ බවටත් එම පක්ෂ ඉවත් වන බවටත් එහි සදහන් වුවත් එම පක්ෂ පහම බලයට පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් යැයි අමාත්‍යවරයා පැවසීය.

එසේම එම පක්ෂ වලට ඉවත් වීමට අවසර දෙන ලෙස තමාටද පක්ෂයෙන් අවසර ලදහොත් තමා අනුමැතිය දෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.  කිසිවකු බලෙන් තබා ගැනීමට අවශ්‍ය නැතැයිද අලුත් පක්ෂයට වුව අවශ්‍ය නම් ඉවත් විය හැකි යැයිද අමාත්‍යවරයා පැවසීය. එසේම එසේ ඉවත් වන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් අවසාන මොහොතේ  හෝ පක්ෂයට එක්වනු ඇතැයි මහ ලේකම්වරයා අවධාරණය කලේය.