ඉදිරියේදී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග ජනමත විචාරණයක්

Lakshman-Kiriella-575-01

ඉදිරියේදී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග ජනමත විචාරණයක් පවත්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියි.

“පාර්ලිමේන්තුවේ සිටින සෑම දේශපාලන ලක්ෂයක්ම ඒකරාශිකරගෙන අපි මෙහෙයුම් කමිටුවක් හදාගෙන අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරගෙන යනවා.ඉතිං මේ ව්‍යවස්ථාව හැදුවයින් පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා ජනමත විචාරණයකට යන්න. සමහරු අහනවා ඇයි ජනමත විචාරණයකට යන්නෙ කියලා. ජනතාවගෙ කැමැත්ත ගන්න ඕන නිසයි අපි ඒ තීරණය ගත්තෙ.අපි 3න් 2 බලය පාවිච්චි කරලා ජනතාවට පිටුපාලා යම් යම් දේවල් කරන්න අපි සූදානම් නෑ.
අපි ව්‍යවස්ථාවක් ගේනවනම් අපිට විශ්වාසයක් තියෙන්න ඕන ජනතාව මේ ව්‍යවස්ථාවට කැමති විය යුතුයි කියලා.”