සයිටම් ප්රශ්ෙනට ජනපති මැදිහත් ෙවයි

Maithripala-Sirisena-

මාලඹේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්ය විද්යාලය මුල්කර ගනිමින් උද්ගත වී ඇති ප්රශ්නයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට සාධාරනත්වය ඉටුකෙරෙන විසඳුමක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.

පෞද්ගලික වෛද්ය විද්යාලයට විරෝධය පළ කරන සරසවි ශිෂ්යයන් පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපතිවරයා ‘පන්ති වර්ජනය නොකරනමෙන්’ඔවුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
‘විශ්ව විද්යාලවල විශේෂයෙන් වෛද්ය පීඨවල දරුවන්ගේ අනාගතයට කිසිදු ආකාරයක බාධාවක් සිදුවීමට ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ.වෛද්ය විද්යාලවල මෙන්ම අනිකුත් සියළු පීඨවල වෙනත් සියළු විෂයයන් හදාරන දරුවන්ගේ නිදහස් අධ්යාපනය සහතික කිරීමට අපි කටයුතු කරනවා’ ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.

විශ්ව විද්යාලවලට ඇතුල්වීමට සුදුසුකම් ලබා ඇතත් ඒ සඳහා අවස්ථාව නොලැබෙන සිසුන් පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ‘එවැනි තත්වයක් යටතේ වසරකට හැත්තෑ පන්දහසක් හෝ අසූ දහසක් පමණ සිසුන් විදේශ සරසවිවලට ඇතුළත් වෙන’ බවත් සඳහන් කළේය.

අධ්යාපනයේ ප්රමිතිය සම්බන්ධයෙන් සිය රජය සියලු පියවර ගන්නා බව සඳහන් කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන ‘මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය සම්බන්ධයෙන් ගැටුමකට නොයා යුතු අතර රජයක් හැටියට එය සාධාරණව විසඳන බව’ ප්රකාශ කළේය.

මම ඉදිරි දිනවලදී වෛද්ය පීඨවල දරුවන්ගේ දෙමව්පියන් ඒ වගේම සරසවි ආචාර්යවරුන් මෙන්ම මාලඹේ වෛද්ය විද්යාලයේ භාරකරුවන් සහ එහි ඉගෙණීම ලබන දරුවන්ගේ දෙමව්පියන් සමඟත් සාකච්ඡා කරනවා. ඒ අනුව සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරලා ආණ්ඩුවක් විධියට ප්රශ්නය විසඳීමට පියවර ගන්නවා’ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මාලඹේ ප්රහ්නය සම්බන්ධයෙන් ‘තමා කිසිදු පාර්ශ්වයක් නොගන්නා බව සඳහන් කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මධ්යස්ථව සෑම දරුවකුටම සාධාරණත්වය ඉටුකිරීමට කටයුතු කරන’ බවත් කියාසිටියේය.

ස්තුතිය: බීබීසී සිංහල ෙස්වය