රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයින් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714 ක් බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනගහනයෙන් අවුරුදු 18 ට අඩු පිරිස සහ අවුරුදු 70 ට වැඩි පිරිස ඉවත් කළ විට ජනගහනයෙන් 62% ක් මෙලෙස වසර 5 ක් තුළ 2,498,714 වාහන ගෙන්වා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ වාහනවලින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මෙය රටේ ආනයන, විනිමය වැය කිරීම් රටාව පිළිබඳ හොඳින් පෙන්නුම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
එසේම වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය වසර 05 තුළ මෙරට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් එක් අයෙක් විදෙස් රටකින් වාහනයක් ගෙනල්ලා – මුදල් රාජ්‍ය ඇමති
-
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආසියා-පැසිෆික් කලාපීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක…
Read more >> -
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු පුහුණුකාර සෝබර්ස්ට SLC ශෝකය පළකරයි…..
Read more >> -
පොතුවිල් මුහුදේදී ධීවරයෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව මුදාගැනේ….
Read more >> -
වකුගඩු රෝගය ගැන භයානක හෙළිදරව්වක්……
Read more >> -
තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් සහ අග්‍රාමාත්‍යවරිය හමුවක්……
Read more >> -
අයිස් කිලෝ 18ක් සමග අයෙකු හිරණදී අත්අඩංගුවට…..
Read more >> -
යෝෂිතගේ නඩුවක් විභාගයට ගනී…..
Read more >> -
නව නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්……
Read more >> -
ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බස් රථ වැටලීම් දැඩි වෙයි…..
Read more >> -
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..
Read more >>

