රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයින් 05 දෙනෙකුගෙන්ම එක් අයෙක් පසුගිය වර්ෂ 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714 ක් බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනගහනයෙන් අවුරුදු 18 ට අඩු පිරිස සහ අවුරුදු 70 ට වැඩි පිරිස ඉවත් කළ විට ජනගහනයෙන් 62% ක් මෙලෙස වසර 5 ක් තුළ 2,498,714 වාහන ගෙන්වා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අදාළ වාහනවලින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවත් මෙය රටේ ආනයන, විනිමය වැය කිරීම් රටාව පිළිබඳ හොඳින් පෙන්නුම් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
එසේම වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය වසර 05 තුළ මෙරට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් එක් අයෙක් විදෙස් රටකින් වාහනයක් ගෙනල්ලා – මුදල් රාජ්‍ය ඇමති
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

