ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට නව මුහුණක්…..

News Iamges.00_00_00_00.Still3171

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා සංජීව රොඩ්රිගු මහතා පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙර එහි සභිකයෙකු ලෙස කටයුතු කළ තුවාන් ෆාහිම් මොහමඩ් අබ්දුල්ලා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය.

පක්ෂ මහලේකම්වරයා විසින් සංජීව රොඩ්රිගු මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නම් කරන බවට දැනුම්දී තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 66(1) වගන්තිය ප්‍රකාරව ක්‍රියා කළ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ තේරීම්භාර නිලධාරිනී පියුමි ආටිගල මහත්මිය විසින් තුවාන් ෆාහිම් මොහමඩ් අබ්දුල්ලා මහතාගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා සංජීව රොඩ්රිගු මහතා එම නගර සභාවේ සභිකවරයෙක් ලෙස නිල වශයෙන් ප්‍රකාශට පත් කර ඇත.