සිංහල සිනමාව 73වන සංවත්සරය

ජාතික චිත්‍රපට සංස්ථාවේ 48වන සංවත්සරය සහ සිංහල සිනමාව 73වන සංවත්සරය සමරයි
සිනමාවේ 73වන සංවත්සරය  මේ වසර 19 වනදාට යෙදී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 48වන සංවත්සරයද යෙදී ඇත්තේ ද අදටය. 19වනදා.
ඒ වෙනුවෙන් පැරණි චිත්‍රපට ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව අද සිට 19වනදා සිට 21වනදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් පරිදි මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව 19වනදා සවස 5.00ට ධර්මසිරි බණ්ඩාරණායක මහතා අධ්‍යක්ෂනය කළ “හංස විලක්” චිත්‍රපටයද, 20වනදා “ඩිංගිරි මැණිකා” චිත්‍රපටයද, 21වනදා “සැඩ සුළං” චිත්‍රපටයද තිරගත වීමට නියමිතයි.