නවගමුව, වඳුරම්මුල්ල ප්රදේශයේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බවය.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති අතර නවගමුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

