පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු කොටුවෙයි……

News Iamges.00_00_00_09.Still3151

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරු මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙම සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට ගොස් ඇත.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ සැකකරු, ඔහු ළඟ සිටි නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්විය.