මර්වින්, ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා භාරදෙයි…….

News Iamges.00_00_00_09.Still3153

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය විසින් අධිචෝදනා භාරදීම අද (15) සිදුවිය.

ගම්පහ මහාධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතිඥ සමදරී පියසේන මහත්මිය විසින් අදාළ අධි චෝදනා පත්‍ර එක් එක් විත්තිකරු වෙනුවෙන් භාරදීම සිදුවිය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් හා සරත් එදිරිසිංහ මෙහිදී  අධිකරණය හමුවේ පෙනී සිටියහ.