විපක්ෂයේ බොහෝ පිරිසක් මේ වනවිටත් අධිකරණයෙන් ඇප ලබා සිටින බවත්, ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
බිංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා,
“පසුගිය දවස්වල සියදිවි නසාගැනීම් කිහිපයක් වුණා.
කෙනෙක් සියදිවි නසාගත්තා. එයාගේම අත්අකුරින් අධිකරණයට, අල්ලස් කොමිසමට ලියුම් දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වාර කිහිපයකදී…කාල්ටන් නිවසේදී මං පගාව මෙච්චර දුන්නා කියලා.
එයාර් බස් ගණුදනෙුවට අදාළව ප්‍රියංකර ජයරත්න ඇමතිට පගාව මෙච්චර දුන්නා කියලා…එයා සියදිවි නසාගත්තා.
පොලිස්පති කෙනෙකුත් දැන් සියදිවි නසාගත්තාලු. තව තව කීදෙනෙකුට සියදිවි නසාගන්න වෙයිද මම දන්නෑ.
විපක්ෂයේ ඉන්න අයගෙන් අති බහුතරයක් ඇප පිට ඉන්නේ, නඩු පිට නඩු.
මහින්දානන්ද අවුරුදු 20කට හිරේ, ඔය එකකට විතරයි. හිටපු වෙළෙඳ ඇමති අවුරුදු 25කට හිරේ. ඔය එකකට විතරයි. සරණ ගුණවර්ධන අවුරුදු 16කට හිරේ, ඔය එකකට විතරයි. තව පෝලිමක් තියෙනවා.
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් පුළුවන්නම් කියන්න. එකක් නෙමෙයි නඩු පෝලිමක්.
ඔය තත්ත්වය තුළ ගොඩක් අයට හිරේ යන්න වෙනවා. ඊට කලින් සමහරවිට සිය දිවි නසාගැනීමේ වෙන්නත් පුළුවන්.
මේ පොලිස්පතිගේ සියදිවි නසාගැනීම කුමක් අරඹයා සිදුවූවාදැයි අපට නිශ්චිතව කියන්න අමාරුයි” යනුවෙන් පැවසීය.

