ඉපලෝගම කලාවැව මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පාසල් ගුරුවරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (13) අලුයම කලාවැව සිට ඉපලෝගම ප්රදේශයට පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති ඇති අතර රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 29ක් වූ පාසල් ගුරුවරයෙකු බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

