පොලිස් සැරයන්වරයෙකුට දිවි අහිමි කළ මාරක අනතුර……

News Iamges.00_00_00_00.Still3187

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව,නවගම ප්‍රදේශයේදී අද(18) අලුයම සිදුවු රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලීසිය පවසයි.

රාජකාරි කටයුතු නිමකොට වවුනියාව ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේ සිය නිවස වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ටිපර් රථයක ගැටී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

වවුනියාව මූලස්ථාන පොලීසිය වෙත අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 46ක් වු පොලිස් සැරයන්වරයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති බවද පොලීසිය පවසයි.

සිද්ධියට අදාළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.