දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇප මත මුදාහැර තිබේ.
ඒ මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර දෙකක් මත මෙලෙස මුදාහැර ඇත.
ප්‍රධාන දුෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඒ මහතාව අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

