සැකකරු විසින් රේගු බදු නොගෙවා, රේගු නිශ්කාශනය නොකර අනීතික ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක්, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සම්බන්ධ වී එම දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර අනීතික පැවරුමක් මගින් පැවරුම් ලියාපදිංචිය සිදුකර ලියාපදිංචි සහතික නිකුත් කරවා ගැනීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරු එළැඹෙන 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර තිබේ.

