ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඡායාරූපයට වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කළ අයදුම්පත්‍රයක් නිසි පරීක්ෂාවකින් තොරව භාරගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආධාර ලබාදී ඇති බවට මෙම සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයාට ලබාදුන් දැනුම්දීමක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

