ඩෙංගු මර්දනයට යුද්ධ හමුදාවෙන් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්……

News Iamges.00_00_00_00.Still3027

ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ අවදානමක් පවතින ප්‍රදේශ ආවරණය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අද (05) දිවයින පුරා ඩෙංගු මර්දන සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කරන ලද මෙම විශේෂ මෙහෙයුම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ සෘජු උපදෙස් හා පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ විවිධ ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් යුද්ධ හමුදා භටයින් 2,026 දෙනෙකු සහභාගී වී තිබේ.

කොළඹ ගුණසිංහපුර හා පෞද්ගලික බස් නැවතුම්පොළ, පිටකොටුව පාවෙන වෙවෙළඳපල, කැලෑපොළ, දෙල්ගොඩ බස් නැවතුම්පොළ, පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානය, කාක දූපත ළමා උද්‍යානය, හෝමාගම, කඩුවෙල, බත්තරමුල්ල, නවගමුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අවට ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල ඇතුගල, කෑගල්ල බස් නැවතුම්පොළ, වෙන්නප්පුව සහ පාලවිය ඇතුළු ප්‍රදේශ රැසක ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මෙම මෙහෙයුම්වලදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීම, කැළිකසළ ඉවත් කිරීම මෙන්ම සිවිල් ජනතාව, පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.