ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම උදෙසා අවස්ථානුකූලව කාර්යමණ්ඩල බඳවා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ලේකම්වරිය සහ අතිරේක ලේකම් (පාලන) වෙත උපදෙස් ලබා දී තිබේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (25) අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව පවසා ඇත.
එසේම ළමාරක්ෂණ ක්‍රියාවලිය තුළ නියාමන පාර්ශ්වය වන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සෙසු ආයතන සමඟ වන සම්බන්ධීකරණය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනත්වය පවත්වා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.
ළමා ආරක්ෂණ ක්ෂේත්රයේ කාලීන සිදුවීම් පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක පුරප්පාඩු සපයා ගැනීම පිළිබඳවද එහිදී සාකච්ඡා කළ බව සඳහන් වේ.

