රුපියල් කෝටියකට ආසන්න වටිනා රන්බාන්ඩ සොරා ගත් 29 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙකු සොරා ගත් එම රන්බාන්ඩ සමඟ අත්අඩංගුවට ගත් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සොර බඩු උගස්කළ පුද්ගලයා බව පොලිසියකියයි
එම රන්බාන්ඩ අතර පවුම් 13 ක් බර අත් පළඳනාවක් සහ පවුම් 10 ක් බර රන්දම්වැලක් , රිදී මුදුවක්, රන්මුදුවක් හා කරාබු යුගලක් වන බව පොලිසිය කියයි
සැකකරු එම දේපළ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත
ඉකුත් 19 වෙනිදින බණ්ඩාරගම ගුංගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා පවුම් 23 ක් බර. රන් අත් පලඳනවාක් සහ රන් දම්වැලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතර වාරයේ රන්බාන්ඩ සොරාගෙන තාප්පයෙන් පලා යන පුද්ගලයා හොරණ මීවන පලානේ පදිංචිකරුවකුබවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන්කරයි
ඉකුත් 19 වෙනිදින සැකකරු ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු ඇනවුම්කර එම මත්කුඩු ලබා ගැනීම සඳහා ගුංගමුව ප්‍රදේශයේට පැමිණි අවස්ථාවේදී වසා දමා තිබූ දෙමහල් නිවසේ ඉදිරිපස ජනේලයේ කඩා ඇතුළු වී ඉහළ මහලට ගොස් නිදන කාමරයේ අල්මාරියක ලාච්චුවක බහා තිබූ රන් අත් පළඳනාව සහ රන් දම්වැල සොරාගත් බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි
අනතුරුව එම රන් දම්වැල හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ මිතුරු කුළවා ඉංගිරිය ප්‍රදේශයේ උගස්මධ්‍යස්ථානයකට උගස්කර රුපියල් ලක්ෂ 14 ක මුදලක් ලබාගත් බවත් අත් පළඳනාව හොරණ ප්‍රදේශයේ උගස්මධ්‍යස්ථානයකට උගස්කර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගත් බවත්, අනාවරණය කළ බව පොලිසිය කියයි
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මේ ආකාරයෙන් ඉකුත් මාස කිහිපය තුල හොරණ පොලිස් වසමේ ද නිවාස තුනකින් රන් භාණ්ඩ සොරා ගත් බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම රන්භාණ්ඩ ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත හොරණ ප්‍රදේශයට උකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට “ඒ “සමාර්ථ 07 ක් හා “බි” සමර්ථ” 02″ ලැබූවෙක් බවත්
අනෙක් සැකකරු ගවයින් 150 ක පමණ ගව පට්ටියක හිමිකරුවකු ව සිටි පුද්ගලයකු බවත් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත
සැකකරුවන් දෙදෙනාම තදින් මත්ද්‍රවය වලට ඇබ්බැහි වූවන්ය
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි
මිල්ලනිය – ඉරේෂ් උදයංග

