දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක පවුල් 7,983කට අයත් පුද්ගලයින් 31,072 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටය.
එහි පවුල් 3,950 කට අයත් පුද්ගලයින් 15,313 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, එක් මරණයක් ද වාර්තා විය.
දිස්ත්‍රික්ක මට්ටමින් පීඩාවට පත් වූවන්ගේ සංඛ්‍යාව පහත පරිදි වේ,
ගම්පහ දිස්ත්‍රික්කය – පවුල් 3,950 ක පුද්ගලයින් 15,313 ක් (මරණ 01 යි)
කොළඹ දිස්ත්‍රික්කය – පවුල් 1,571 ක පුද්ගලයින් 4,566 ක්
රත්නපුර දිස්ත්‍රික්කය – පවුල් 1,204 ක පුද්ගලයින් 4,558 ක්
පුත්තලම දිස්ත්‍රික්කය – පවුල් 1,219 ක පුද්ගලයින් 4,265 ක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – පවුල් 20 ක පුද්ගලයින් 80 ක්
කළුතර දිස්ත්‍රික්කය – පවුල් 15 ක පුද්ගලයින් 73 ක්
ගාල්ල දිස්ත්‍රික්කය – පවුල් 03 ක පුද්ගලයින් 07 ක්
වවුනියාව දිස්ත්‍රික්කය – පවුලක පුද්ගලයින් 03 ක්
මීට අමතරව, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 859 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

