මොනරාගල පොලිස් වසමට අයත් මිල්ල කැලේවත්ත පාලාරුව ප්රදේශයේදී ඊයේ (22) රාත්රි කාලයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
එහිදී මිය ගොස් ඇත්තේ, මිල්ල කැලේවත්ත බිබිල පාර, මොණරාගල ලිපිනයේ පදිංචි උලගනාදන් දිලීප් මදුශංක නමැති 28 හැවිරිදි අයෙකි.
පුද්ගලයින් දෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් ඊට හේතුව බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
මරණකරු තුවාල ලැබීමෙන් අනතුරුව මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
සැකකරු ද මේ වන විට බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොනරාගල පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

