තමිල්නාඩුවේ මහ ඇමති ධුරට සුදුසුකම් ලැබූ සී. ජෝශප් විජේ නොහොත් ‘තලපති විජේට’ ශ්රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ.
ජෝශප් විජේ මහතා වෙත අද (6) සුබ පැතුම් ලිපියක් යොමුකරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්රහණයක් ඔහු අත්පත් කරගෙන ඇති බවය.
තමිල්නාඩුව සහ ශ්රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය මෙහිදී සිහිපත්කර ඇති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, නව පාලනය යටතේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පවසා තිබේ.
තවද තලපති විජේගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය සහ සාර්ථකත්වය ප්රාර්ථනා කරන බවත් සිය සුබ පැතුම් පණිවුඩයෙන් හිටපු ජනපතිනිය පවසා ඇත.

