මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.
ඒ, ‘සාගරිකා’ දුම්රිය අද (24) පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමෙන් සිදුවූ අවහිරය ඉවත් කිරීමත් සමඟය.
ඒ අනුව පස්වරු 07.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

