ඉරට්ටපෙරියකුලම් පොලිස් වසමේ පොදු සුසාන භූමියේ කාණුවක් තුළ තිබී පිලිස්සී මියගිය නාදුනන පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්ත්වයේ පවතින බවත් එය උස අඩි 05 අගල් 06ක් පමණ වූ සාමන්ය සිරුරැති පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වන බවත් පොලීසිය පැවසීය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙතදැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක
ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානාධිපති – 071-8591344
ඉරට්ටපෙරියකුලම් පොලිස් ස්ථානය – 024-2223532

