ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි සීග්රගාමී දුම්රියේ අද (22) උදෑසන ගැටුණු කැබ් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
අද උදෑසන මෙම අනතුර සිදුවූ අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව රෝහල්ගත කළ අවුරුදු 22ක් සහ 28 අතර තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

