ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මකවීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අප්‍රේල් මස 28 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (20) කැඳවනු ලැබීය.
එහිදී මෙම පෙත්සම සමථයට පත් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකාබැලීම සඳහා අප්‍රේල් මස 28 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

