ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.

galenbidunawawa

ජාතික ජන බලවේගයට බලය හිමි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ මංගල අය වැය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි.

වැඩි බහුතරය හිමි ජාතික ජලබලවේගයේ බලය පිහිටි ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසින් 2026 වසරට අදාළව වාර්ෂික අයවැය පසුගියදා සභාවට ඉදිරිපත් කළ අතර එහිදී ඡන්ද විමසීමකින් තොරව අයවැය සභා සම්මත විය.

මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් ද ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසින් ඉදිරිපත් කල 2026 වසරට අදාළව වාර්ෂික අයවැය පිළිබද කිසිදු විරෝධය නොපැ අතර ඔවුගේ මතය වී ඇත්තේ මෙස ඉදිරිපත් කල අයවැය සාර්ථක අයවැයක් බැවින් ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරිමට කල යොජනාව අනුව ඒකමතිකව සභා සම්බත කල බව ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒස්.තිලකසිරි මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වු ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති මෙසේ පැවසීයත
පසු ගිය කාලයේ සභාවේ නිළධාරින් පිළියෙල කර ඉදිරිපත් කල අයවැයට අනුව මෙතෙක් සභාවේ අයවැය සිදුකලා.අපි ඉදිරි 2026 සදහා මෙවර අයවැය ඉදිරිපත් කලා. ඒ් අයවැය වාර්ථාව හදන වෙලාවේ මේ සභාවේ සියළුම පක්ෂවල සියළුම මන්ත්‍රී වරුන්ගේ අදහස් යොජනා අරගෙන වාර්ථාව සකස් කලේ.අපි මහ සභාවෙදී වර්ථාවේ ඒකින් ඒක කරුණු පිලිබද අපි සාකච්චා කරලා තමයි අපි අයවැය පිලියෙක කලේ. ඒ්විදිහට සභාවේ සියළුම පක්ෂවල සියළුම මන්ත්‍රී වරුන්ගේ අදහස් යොජනා අරගෙන වාර්ථාව සකස් කල වාර්ථාව සභාවට ඉදිරිපත් කලේ.ඒ් වෙලාවේ සභාවේ සියළුම පක්ෂවල සියළුම මන්ත්‍රී වරුන්ගේ ඒකමතික අදහස උනේ හොද අයවැයක් වෙනවා කියන ඒක.ඒ් අනුව කිසිදු ගැටළුවකින් තොරව සභාවේ සම්මත කර ගන්න පුළුවන් උනා.
මෙහිදී පෙන්නුම් කරන්නේ උඩ මට්ටමේ දී විවිධ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ , නොයෙක් වැරදි විවේචන ඉදිරිපත් කළත් ,බිම් මට්ටමේ මේ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ,මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අගය කරනවා. ආදර්ශයක් දෙනවා. උඩ. උඩ මට්ටමේ දේශපාලන විවේචන නෙමෙයි. ,මේ ගම හදන්න අපි සියලු දෙනාම එකට එකතුවෙලා වැඩ කරනවා කියන එක තමයි මේ වෙලාවේ පණිවිඩයක් හැටියට ලබා දෙන්නේ.ඒ හින්ද අපි විශ්වාස කරනවා 2026 වර්ෂය සඳහා අපි පිළියෙල කර ඉදිරිපත් කරපු අයවැය ලේඛනය මේ බිමේ යථාර්ථයක් බවට පත්කරගෙන ප්‍රදේශයේ ජන ජීවිතය වඩාත් හොඳ ජීවිතයක් බවට පත් කරගන්නට ඔවුන්ගේ තියෙන මාර්ග ටික හා යටිතල පහසුකම් ,සෞඛ්‍ය ,හැම දෙයක්ම හරියට තේරුම් බේරුම් කරගෙන සංවර්ධනය කරන්න පුළුවන් අයවැයක් අපි ඉදිරිපත් කළේ.විශේෂයෙන්ම උතුරු මැද පළාත් සභාවිදිහට අපිට උපරිම සහයෝගය ලබා දෙනවා . අනුරාධපුර පළාත් සභා කොමසාරිස්තුමා අපිට ගම හදන වැඩේදී සහයෝගය ලබා දෙනවා.මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් පාලන ආයතන වල කරගෙන යනු ලබන වැඩපිළිවෙලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා දෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරගෙනම යමින් තිබෙනවා.පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වය මේ වන කොට අපි සමනය කර. පසුගිය කාලයේ ඇතිවූ ආපදා තත්ත්වය මේ වන කොට අපි සමනය කර ගනිමින්,ඉදිරියේදී තියෙන සියලුම සංවර්ධන කටයුතුත් අයවැය පාවිච්චි කරලා අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.යනුවෙන් සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.මේ අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී.එන්.කේ පලිහෙන මන්ත්‍රීවරයාද සහභාගි විය.

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය