මේ වන විට “දිට්වා” සුළි කුණාටුව හා අධික වැසි හේතුවෙන් දිවයින පුරා ගංවතුර, නායයෑම් සහ ඉතා බරපතල ආපදා තත්ත්වයක් උදා වී ඇත. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අප ලද තෙරතුරු සහ අන්තර්ජාතික වාර්තා අනුව, මරණ සහ වැඩි සංඛ්‍යාවක් තුවාල සිදුවී ඇති අතර, ලක්ෂ ගණනක් පදිංචිකරුවන්ට ගංවතුර සහ නායයෑම් බලපා ඇති බව දක්වයි.
ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP) ලෙස, ජීවිත අහිමි වූ සියලුම පවුල් වෙත අපගේ ගැඹුරු ශෝකය සහ හෘදයාංගම සංවේගය ප්‍රකාශ කරමු, තුවාල ලැබූ සියලු දෙනාට සීඝ්‍ර ආරෝග්‍ය ලාභය ප්‍රාර්ථනා කරන අතර, බිය සහ අවිනිශ්චිතතාවයට මුහුණ දෙන සෑම පුරවැසියෙකු සමඟම අප ස්ථිරවම සහයෝගයෙන් සිටින්නෙමු.
මෙම ආපදා අවස්ථාවේදී පීඩාවට පත් සියලුම ජනතාව සමඟත්, ඔවුන්ට සහන සේවා සපයන සියලුම සහන සේවා ආයතන, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සමඟත් ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරමින්, හැකි සෑම අයුරකින්ම ඔවුන්ට උදව් උපකාර කරන ලෙස දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ සියලුම දිස්ත්‍රික් නායකයන්ගෙන්, ප්‍රාදේශීය නායකයන්ගෙන් සහ සියලුම සාමාජිකයන්ගෙන් අපි දැඩිව ඉල්ලා සිටින්නෙමි.
මෙම තත්ත්වය හුදෙක් “ස්වභාවික විපතක්” පමණක් නොවන බව අපගේ දැඩි ස්ථාවරයයි. වගුරු බිම් ගොඩකිරීම, ජලය බැස යන ඇල මාර්ග හා කාණු පද්ධති කැළිකසළවලින් අවහිර වීම සහ කඳු මුදුන් විනාශ කරමින් සිදුකරන මහා පරිමාණ අනවසර ඉදිකිරීම් වසර ගණනාවක් පුරා පවතින නීති උල්ලංඝනය කිරීම්ය. මේවා මිනිස් ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වූ ව්‍යසනයන් වේ.
එයට අමතරව, මේ මෙහෙතේ අත්‍යශය නෙවනයැයි සදහන් කරමින් රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබා දීම, “අත්‍යවශ්‍ය සේවා” නිශ්චිත ලෙස නිවේදනය නොකිරීම, රෝහල්වල මූලික ඖෂධ හිඟය, ප්‍රාදේශීය සහ පළාත් මට්ටමේ නිලධාරීන්ට අධිකාරිය සහ අරමුදල් නොදීම වැනි තීරණ මගින් ජීවිත හා සම්පත් රැක ගැනීම තවදුරටත් දුෂ්කර කර ඇත. මේවා සරල පාලන දෝෂ නොව, ජනතාවගේ ජීවිත අහිමි වීමට සෘජුවම බලපාන අදූරදර්ශී තීරණ බව SLJP ලෙස අපි අවධාරණය කරමු.
ඒ අනුව, ශ්‍රී ලංකා ජනතා පක්ෂය රජයෙන් ප්‍රමාදයකින් තොරව පහත සඳහන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී:
- සෞඛ්‍ය, ආපදා ප්‍රතිචාර, ආහාර බෙදා හැරීම, ජල සැපයුම, විදුලිය සහ මහජන ආරක්ෂාව ඇතුළු සියලුම අත්‍යවශ්‍ය සේවා වහාම ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙසත්, අවශ්‍ය නිලධාරීන් බලමුලු ගන්වන ලෙසත්.
- අත්‍යවශ්‍ය ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය ඇතුළුහදිසි වෛද්‍ය සැපයුම් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට බලතල ලබා දෙන ලෙසත්.
- පීඩාවට පත් පවුල් සඳහා සහල්, පිටි, පරිප්පු, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහාදිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන වෙත හදිසි අරමුදල් මුදා හරින ලෙසත්.
- තෙත් බිම්, ඇළ මාර්ග, කුඹුරු සහ කඳු මුදුන් මත සිදු කර ඇතිනීති විරෝධී ඉදිකිරීම් පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් ප්‍රකාශයට පත් කර, දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්.
- එවැනි මහා පරිමාණ ජාතික ඛේදවාචක නැවත සිදු වීම වැළැක්වීම සඳහා, සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර,ජාතික ආපදා සහ දේශගුණික ඔරොත්තු දීමේ සැලැස්මක් ආරම්භ කර, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්.
ශ්‍රී ලංකා ජනතා පක්ෂය අවධාරණය කරන්නේ, මෙවැනි මොහොතක ජනතාවගේ ජීවිත දේශපාලන අවශ්‍යතාවලට වඩා ඉදිරියෙන් තිබිය යුතු බවයි. රටේ ජීවිත සහ අනාගතය ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන්, කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.
හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න
සභාපති – ශ්‍රී ලංකා ජනතා පක්ෂය (SLJP)

