සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියන එක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙන දෙයක්. සැප්තැම්බර් මුල වෙනකොට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන කෙටුම්පත ගැසට් කරන්න අපි කටයුතු කරනවා.”

