දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය ලංකාවෙන් සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා – හඳුන්නෙත්ති

hadunneththi-canada

ශ්‍රී ලංකාව තුළ දේශපාලනමය වශයෙන් වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

නුදුරේදීම රාජ්‍ය අංශය ඇතුළුව අනිකුත් සෑම ක්ෂේත්‍රයක් තුළම මේ තත්ත්වය ඇති කරන බැවින් විශේෂයෙන්ම විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කැනඩාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මහ කොමසාරිස් Eric Walsh සමග පැමිණි කැනේඩියානු ව්‍යාපාරික දූත පිරිසක් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

මෙහිදී මේ වන විට නව රජය විසින් විදේශීය ආයෝජකයන්ට සපයා ඇති පහසුකම් පිළිබඳව දූත පිරිස දැනුවත් කළ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි හා ග්‍රැෆයිට් කර්මාන්ත ක්ෂේත්‍රවල අගය එකතු කිරීමට තාක්ෂණික සහාය ලබාගැනීම සඳහාත්, එම ක්ෂේත්‍රවල ආයෝජනය සඳහාත් කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images