සත්ත්ව සංගණනයේ වාර්තාව 28 වැනිදා ප්‍රකාශ කරනවා – කේ.ඩී. ලාල්කාන්ත

kd-lalkantha-minister

සත්ත්ව සංගණනයට අදාළ සමස්ත වාර්තාව 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

එය සම්පූර්ණයෙන්ම නිරවුල් වාර්තාවක් ලෙස ගත නොහැකි බවත්, තවත් කීප අවස්ථාවකදීම සංගණන කටයුතු සිදුකළ යුතු බවයි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ.

‘වන සතුන් කළමනාකරණය’ යන මාතෘකාව ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද, මෙරට තුළ එවන් මාතෘකාවක් ක්‍රියාත්මක නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කළමනාකරණය කිරීමට නම් සතුන් පිළිබඳ ගණනය කිරීමක්, නිශ්චිත ඉලක්කමක් අවශ්‍ය වන බවත්, ඒ සඳහා කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

ආරම්භක පියවරේදී සියල්ලම සම්පූර්ණ වන්නේ නැතිමුත් මෙයින් සාපේක්ෂ පිළිතුරක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, එමගින් සත්ත්ව කළමනාකරණයට අදාළ පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.