හරක් කටාට පැන යාමට උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා භාරදෙයි

court-2

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.

එම අධි චෝදනා පවරා, පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට නියම කර ඇති බවද වැඩිදුරටත් සඳහන්.