සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.
ඒ අනුව කලින් සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බවයි සංගමයේ සභාපති රවි කුමුදේෂ් වැඩිදුරටත් සඳහන් කළේ.