2025 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබා ගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.elections.gov.lk වෙත පිවිසීමෙන් බාගත කරගත හැකි බවයි එම කොමිසම සඳහන් කළේ.
අයදුම්පත් භාර ගැනීමේ දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බවද එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.